Home / ලිංගික අධ්‍යාපනය / ලිංගික එක්වීමකින් තොරව කන්‍යාභාවය අහිමි වී යාමට හේතු

ලිංගික එක්වීමකින් තොරව කන්‍යාභාවය අහිමි වී යාමට හේතු

2018-03-08 11:36:00       285
feature-top
ඇත්තටම මොකද්ද මේ කාන්තාවන්ට විතරක් තිබෙන කන්‍යා පටලය කියන්නේ? Annular, Septate, Cribriform, Imperforate යන ආකාර කිහිපයකින් කන්‍යා පටල ගැහැණියකගේ යෝනී මාර්ගය ආශ්‍රිතව හට ගනී. මෙම ආකාර හතර විවිධ ලෙස පිහිටා තිබීම විශේෂ ය. ඉතාමත් අඩු ගණකමකින් යුත් මෙම පටලය විවිධ පුද්ගලයන්ට අනුරූප ව පටල ගණකම වෙනස් වී ඇති බව වෛද්‍යවරුන්ගේ මතයයි. ප්‍රධාන ව ලිංගිකව එක්වීමක දී මෙම පටලය බිඳී යාම සිදුවන අතර එහි දී රුධිර වහනයක් සිදු විය හැකි ය. එම රුධිර වහනය චාරිත්‍ර තුළට කා වැදී ගැහැණියකගේ පාරිශුද්ධත්වය ලෙස නම් දරා ඇත. එහෙත් මෙහි ඇති ස්විශේෂී සංසිද්ධිය නම්, මෙම පටලය සියුම් වූ විට බිඳී ගිය ද රුධිර වහනයක් සිදු නොවී තිබීමයි.

උපතේදීම ගැහැණියකගේ මෙම පටලය ඇති නොවී තිබීමට අවකාශ පවතී. එසේ ම ඇතැම්විට දරු ප්‍රදූතියේ දී කන්‍යා පටලය බිඳී යන අවස්ථා ද තිබෙන බව වෛද්‍යවරු පෙන්වා දෙති. ක්‍රීඩා කටයුතුවල නිරතවන තරුණියන්ගේ මෙම පටලය අහිමිවීමේ හැකියාව තිබේ. උදාහරණයක් ලෙස ජිම්නාස්ටික්, පාපැදි තරග අයට අහිමිවීමට හැකියාව ඇතත් එය සිදුවන්නේ 1%කට පමණ සුළු පිරිසකට නිසා එය සාමාන්‍ය ගැනීම්ක්‍රමවල දී සලකා නොබලයි.

කන්‍යාපටලය බිඳී යෑම සම්බන්ධයෙන් සමාජ විචාරකයන් පවසන්නේ මෙවන් දෙයකි. ”නාගරික ජන සමාජය මෙම ක්‍රියාවන් පිළිකුල් ලෙස බැහැර කළත්, සම්ප්‍රදායික ජීවත් වෙන්නන් මෙම චාරිත්‍ර තවමත් සමාජගත කරන බව බැලු බැල්මට පෙනේ. එයින් යුවතියකට සිදුවන හිරිහැර හා අනිසි මානසික භිය පහ කිරීමේ අරමුණින් විවාහයට පෙර යුවති යුවළ වෛද්‍ය උපදෙස් පැතීම යෝග්‍ය වේ.

කවුරුන් කෙසේ කීවත් විවාහයට පෙර ලිංගිකව එකතුවීම නුසුදුසු ය. එයින් සිදුවන්නේ ලිංගික ගැටළු ඇතිවීම පමණක් නොවේ, අනිසි ගැබ් ගැනීම්වලින් පීඩා විඳ අමානුෂික ලෙස ජීවත විනාශ කිරීමට පෙළඹීමයි. කන්‍යාබාවය අහිමි කර නොගෙන ලිංගික එකතුවීමේ ක්‍රම බොහෝ තිබුණ ද, එවැනි ක්‍රියාවල නිරත නොවී සිටීම වඩා වැදගත් වේ. එවැනි ක්‍රියාවල අවසාන උරුමය හඳුනා නොගත් සමාජ රෝගයක් හා බෙලහීනතාවයකි. සම්ප්‍රදාය නිර්මාණය කළ බොහෝ දෑ, මානුෂීය ලෙස ගත් විට කිසි විටක ගැලපීමක් නැත. ඒවා නිශේධනාත්මකව බැහැර කිරීමට නිසි කාලයයි මේ.”

(under the courtesy of hitnews.lk web)

More News »