Home / ලිංගික අධ්‍යාපනය / අනාරක්ෂිත ලිංගික ඇසුර නිසා ආසාදන පැතිරීමේ අවධානමක්

අනාරක්ෂිත ලිංගික ඇසුර නිසා ආසාදන පැතිරීමේ අවධානමක්

2018-11-12 11:33:00       627
feature-top
වැඩිදුර තොරතුරු හෙළිදරව් වී නොමැති ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනය සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු නොකළහොත් එය පැතිරීමේ අවදානමක් ඇති බවට විශේෂඥයෝ අනතුරු අඟවනවා.

මයිකොප්ලාස්මා ජෙනිටලියම් (MG - Mycoplasma genitalium) ලෙස හඳුන්වන මෙම රෝගයේ ලක්ෂණ පිටතට නොපෙනෙන නමුත්, බොහෝ විට කාන්තාවන්ගේ ශ්‍රෝණිය ආශ්‍රිත ආසාදන තත්ව ඇතිවී වඳභාවයට පත් වීමේ අවදානමක් පවතිවා.

MG රෝගයට නිවැරදිව ප්‍රතිකාර නොකළහොත් එය ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් ලෙස ශරීරය තුළ වර්ධනය වෙන්න පුළුවන්.

මේ අනුව, බ්‍රිතාන්‍යයේ ලිංගික සෞඛ්‍යය සහ HIV පිළිබඳ සංගමය (BASHH), MG රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතු ආකාරය ගැන නව උපදෙස් මාලාවක් හඳුන්වා දී තිබෙනවා.

මයිකොප්ලාස්මා ජෙනිටලියම් යන බැක්ටීරියාව ඇතුළුවීම හේතුවෙන් පිරිමි මුත්‍ර මාර්ගයේ ප්‍රදාහයක් හටගැනීම හා එයින් ස්‍රාවය පිටවන අතර මුත්‍රා කිරීමේදී අධික වේදනාවක් ඇතිවෙන්න පුළුවන්.

කාන්තාවකගේ ශරීරයට මෙම බැක්ටීරියාව ඇතුළු වූ විට එහි බලපෑමෙන් ගර්භාෂය සහ පැලෝපීය නාලය වැනි ප්‍රජනන ඉන්ද්‍රීන් ප්‍රදාහයකට ලක්වෙනවා.
මේ හේතුවෙන් අධික වේදනාවක් ඇති විය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී උණ තත්වයක් හෝ රුධිර වහනය වීම ද සිදු වෙන්න පුළුවන්.

(under the courtesy of hirutv.lk blog web)

More News »