Home / ලිංගික අධ්‍යාපනය / බොහෝ කාන්තාවන්ට පීඩා ගෙන දෙන සුද යෑමේ රෝගය

බොහෝ කාන්තාවන්ට පීඩා ගෙන දෙන සුද යෑමේ රෝගය

2018-12-13 09:14:00       596
feature-top
වෛද්‍යතුමනි, මොකක්‌ද මේ සුද යැම කියන්නේ?
 
 සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ යෝනි මාර්ගය අවට ප්‍රදේශවල තෙත් වූ ස්‍රාවයක්‌ සහිත ස්‌වභාවයක්‌ දැකගත හැකි තත්ත්වයක්‌. ඊට හේතුව ගර්භාෂය නිරන්තරව කළලයක්‌ දරා ගැනීමට සූදානමින් සිටීම වන අතර එම ක්‍රියාවලියේදී ඩිම්බ නිකුත් වීමක්‌ද සිදුවේ. මෙම කාලය තුළදී යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන ස්‍රාවයන් වැඩි වශයෙන් දැකගත හැකි නමුත් සුද යැම වැනි තත්ත්වයකදී එම තත්ත්වය නිරන්තරයෙන් දැකගත හැකි වේ. එහිදි අදාළ රෝගී තත්ත්වයෙන් පීඩා විඳින කාන්තාවට ප්‍රමාණය ඉක්‌මවා යෝනි මාර්ගය ආශ්‍රිත ස්‍රාවයන් පිටවීම 'සුදයැම' ලෙස හඳුන්වයි.
 
 වෛද්‍යතුමනි , මෙවැනි තත්ත්වයන් හඳුනා ගන්නේ කෙසේද?
 
 නිරෝගී කාන්තාවකගේ සරු කාලය තුළදී ඩිම්බ නිකුත් වන අවස්‌ථාවලදී යෝනි මාර්ගය හරහා පිට කරන ස්‍රාවයන් වර්ණයක්‌ හෝ ගන්ධයකින් තොරව නිකුත් වේ. නමුත් රෝගී තත්ත්වයකදී ඇතැම් අය කිරි පැහැයට (මේවා බොහෝ විට මුදවපු කිරිවල පැහැයට සමාන වේ.), තරමක්‌ උකු ද්‍රdවණයක්‌ ලෙසින් වැඩි වශයෙන් පිටවිය හැකි ය. තවද සුදු පැහැති කැබලිති ලෙසද (පොල්කුඩු වැනි ස්‌වභාවයෙන්) යෝනි මාර්ගය අවට පැතිරී පැවැතිය හැකි ය. මීට අමතරව රතු පැහැයට හා ලා රතු පැහැයට, කහ මෙන්ම තදකහ පැහැයට හුරු ද්‍රdවණ ලෙසද දැකගත හැකි ය.
 
 වෛද්‍යතුමනි, මෙවැනි කාන්තාවන් විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙයි. එයට හේතු ලෙස ඔබතුමන් දකින්නේ කුමක්‌ද?
 
 ඔව්. එය ඉතා වැදගත් ප්‍රශ්නයක්‌. සුද යැමේ තත්ත්වය ආශ්‍රිතව කාන්තාවන් විවිධාකාර ගැටලුවලට මුහුණ දෙනු ලැබේ. එහිදී යෝනි මාර්ගය අවට කසන ස්‌වභාවය, තුවාල ඇතිවීම, ඉකිලි ආශ්‍රිත ප්‍රදේශ කැසීමට ලක්‌වීම, නිතර නිතර ඇතිවන මුත්‍රා ආසාදන බහුල වශයෙන් දැකගත හැකි ගැටලුකාරී තත්ත්වයන් වේ.
 
 තමාගේ සනීපාරක්‍ෂාව හොඳින් පවත්වාගෙන නොයැම, යහපත් සෞඛ්‍ය පුරුදු නොමැති වීම, ක්‍ෂුද්‍ර ජීවී ආසාදන, ලිංගික චර්යාවන්, වැඩිපුර සිටගෙන සිටින කාන්තාවන් මෙන්ම වැඩි වශයෙන් හිඳගෙන සිටින කාන්තාවන් ද මීට ගොදුරු විය හැකිය. තවද බර ඉසිලීම, පොදු වැසිකිළි භාවිතයේදී ඒවායේ පිරිසිදුකම පිළිබඳ සැලකිල්ලක්‌ නොදැක්‌වීම, බහු පුරුෂ සේවනය හා සමාජ රෝග සුද යැමත් සමග ඇතිවන කිරි පණු රෝගවලදී එම පණුවන් යෝනි මාර්ගය වෙත ප්‍රවේශ වී බිත්තර දැමීමද මේ යටතේ කතාබහට ලක්‌ කළ හැකිය.
 
 ඉහත හේතූන්ට අමතරව උෂ්ණාධික ආහාර ගැනීම මේ සඳහා බලපාන ප්‍රධාන හේතුවක්‌ වශයෙන් හැඳින්විය හැකිය. විශේෂයෙන් තරුණ වයස්‌වල පසුවන කාන්තාවන් අමු අඹ, අන්නාසි, බිලිං, ඇඹරැල්ලා අච්චාරු වැනි දේවල් ආහාරයට ගැනීමත් කෘත්‍රිම ආහාර පානවලට යොමුවීමත් නිසා ඔවුන්ගේ ශරීර උෂ්ණාධික තත්ත්වයට පත් වේ. තවද මෙවැනි රෝගීන්ට ආහාර ජීර්ණය ආශ්‍රිතව ද රෝග ලක්‍ෂණ දැකගත හැකි වේ. ඒ අතර ආහාර අරුචිය, මළබද්ධය හෝ විටින් විට මළ අක්‍රමිකව පිටවීම ප්‍රධාන වේ. එමෙන්ම පලු දැමීම ආශ්‍රිත සමේ රෝග , පීනස්‌ රෝග, අර්ශස්‌, හිස කැක්‌කුමද ශරීරය අප්‍රාණික ගතිය, අධික කේන්තිය වැනි ලක්‍ෂණ මීට සමගාමීව ඇති විය හැකි ය. තවත් සමහර අයට මළ පිටවීමේදී අක්‍රමිකතා ද තිබේ. ඒ වගේම නිතර නිතර මළ බුරුල්ව පිටවීම මෙන්ම ඇතැම් අයට මළබද්ධය වැනි අපහසුතා ද තිබේ. මේවා සියල්ල සුද යැමේ තත්ත්වයට සමගාමීව රෝගීන් තුළ දැකගත හැකිය.
 
 වෛද්‍යතු=මනි, මේ ආකාරයට කාන්තාවන් මුහුණදෙන ගැටලුවලට ආයුර්වේද හෝ දේශීය වෛද්‍යකර්මයන් ඇසුරින් නිසි පිළියම් ලබාගත හැකිද?
 
 ඔව්. පැහැදිලිවම ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රම කියන්නේ බොහෝ අය නොසිතන තරම් විද්‍යාත්මකව දියුණු වෛද්‍ය ක්‍රමයන්. කාන්තාවන්ට වැළඳෙන සියලුම රෝග සම්බන්ධයෙන් පුළුල් විග්‍රහයන් මෙම වෛද්‍ය ක්‍රම තුළ තිබෙනවා වගේම ඒවා මුලින් උපුටා දමන ප්‍රතිකාර සහ එමගින් සුවපත් ජීවිතයක්‌ ගත කළ හැකි අන්දම මෙම වෛද්‍ය ක්‍රම මගින් අවධාරණය කර තිබෙනවා.
 
 වෛද්‍යතුමනි, සුදයැම සඳහා ලබාදෙන පිළියම් ලෙස?
 
 ඉහත පැහැදිලි කළ පරිදි සුද යැමේ තත්ත්වයට, සමගාමීව ඇතිවන එක්‌ එක්‌ රෝග තත්ත්වය සඳහා වෙන් වෙන් වශයෙන් ප්‍රතිකාර කිරීමක්‌ මෙහිදී සිදු නොවේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව රෝගී තත්ත්වය සියුම් ලෙස වෛද්‍යවරයාගේ පරීක්‍ෂාවට ලක්‌වන අතර, සියලුම රෝගී තත්ත්ව හා රෝග ලක්‍ෂණ මත ප්‍රතිකාර යොදනු ලැබේ.
 
 වෛද්‍යතුමනි, සුදයැම නිසා කාන්තාවන්ට ඇතිවන අතුරු ආබාධ ලෙස ඔබතුමන් දකින්නේ?
 
 සුද යැමේ තත්ත්වයෙන් පීඩාවිඳින කාන්තාවන්හට කාලයත් සමග ගර්භාෂය ආශ්‍රිත යම් යම් රෝගී තත්ත්ව ඇතිවීමේ වැඩි ඉඩකඩක්‌ තිබේ. මේ නිසා ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව බවට පත්වන්නේ දරුවන් නොලැබී යැමයි. තවද ලිංගික සංසර්ගයේදී ගැටලුකාරී අවස්‌ථාවන්ටද මුහුණදීමට සිදු විය හැකිය. කෙසේ වෙතත් මෙම තත්ත්වය කල්තබා හඳුනා ගෙන නිවැරැදිව ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීම හරහා මෙම සුද යැමේ ලක්‍ෂණය ඇතුළු අනෙකුත් රෝගී තත්ත්වයන් ස්‌ථිරවම සුව කළ හැකිය.
 
 වෛද්‍යතුමනි, මෙවැනි රෝග පීඩාවන්ගෙන් පෙළෙන බොහෝ කාන්තාවන් වර්තමානයේදී අතිශයින් කාර්යබහුලයි. එවැනි අයට මෙම ආයුර්වේද/ පාරම්පරික වෛද්‍ය ක්‍රම ඔස්‌සේ ලබාගත හැකි පහසු ප්‍රතිකාර ක්‍රම තිබෙනවාද?
 
 ඔව්. එය ඉතා වැදගත් ප්‍රශ්නයක්‌. කාන්තාවන්ට පමණක්‌ නොවෙයි, ඕනෑම කාර්යබහුල අයකුට පහසුවෙන් ලබාගත හැකි ප්‍රතිකාර ක්‍රම තිබිය යුතුයි. ඒ නිසාම තමයි, මට ඇති පාරම්පරික අත්දැකීමුත් මුසු කරමින් නවීන තාක්‍ෂණානුකූලව පහසුවෙන් භාවිත කළ හැකි ඖෂධ අප විසින් නිෂ්පාදනය කරන්න යොමු වුණේ. මෙම ක්‍රමවේදයන් හමුවේ ඖෂධ සෙවීම, කසාය තැම්බීම වැනි ක්‍රියාවන්ගෙන් බැහැරව ඕනෑම අවස්‌ථාවක භාවිතයට පහසුවන අන්දමේ ඖෂධ රැසක්‌ අප විසින් නිපදවා තිබෙනවා. මෙම ක්‍රමය නිසා බොහෝ දෙනා අතර නවීන තාක්‍ෂණානුකූලව දියුණු කළ මෙම පාරම්පරික ප්‍රතිකාර ජනප්‍රිය වී ඇති බවත් කිව යුතුයි.

(under the courtesy of hirutv.lk blog web)

More News »