24 Views  
දරු සුරතල් බැලීමට හරස්වන ශුක්‍රාණු නිපදවීම අඩු වීමට බලපාන හේතු 8ක්


දරු සුරතල් බැලීම විවාහක යුවලක් තුල තිබෙන සිහිනයක්. නමුත් සමහරුන්ට ඒ සිහිනය ඉටු කරගැනීම එතරම් ලෙහෙසි වෙන්නේ නැහැ. අතීතයේදී නම් මෙහි වරද පැටවුණේ කාන්තාව මත වුවත් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ පුරුෂයාගේ දුර්වලතාද දරු ඵල නොලැබීමට හේතුවන බවයි.

එම දුර්වලතා අතරින් ප්‍රධානම දුර්වලතාවක් ලෙස සැලකෙන්නේ පුරුෂයන්ගේ වෘෂණ කෝෂ තුල ශුක්‍රාණු නිපදවීම අඩු වීම හා ඒ ආශ්‍රිත ගැටලුයි. මෙමෙ ලිපියෙන් කතා බැහැ කෙරෙන්නේ ඒ ගැටළු සහ ඒවාට බලපාන හේතු මොනවාද යන්න පිළිබඳවයි.

ශුක්‍රාණු නිපදවීම අඩු වීමට හේතු කීපයක් ම බලපානවා,
උපතේදී ඇතිවන දුර්වලතා

උපතින් ම වෘෂණ කෝෂ කුඩාවට පිහිටීම, කෝෂ තුළට වෘෂණ ඇතුළු නොවී උදරය තුළම පිහිටා තිබීම වැනි හේතු ශුක්‍රාණු නිපදවීම අඩාලවීමට බලපානවා.
අධික උණුසුමට වෘෂණ කෝෂ නිරාවරණය වීම

ඇතැම් රැකියාවන් වල නිරතවී සිටින පුරුෂයින් ගේ ද ශුක්‍ර නිපදවීමට බලපෑම් ඇති වෙනවා. ඒ විශේෂයෙන් ම උණුසුම් වාතාවරණයක් යටතේ වැඩ කරන පෝරණු සහ බේකරිවල සේවය කරන පුද්ගලයින්ගේ. ඔවුන් කරන රැකියාව අනුව බොහෝ වේලාවක් අධික උණුසුම් පරිසරයක සිටීම, වෘෂණ කෝෂවල ශුක්‍ර නිපදවීමට බලපෑම් ඇති කරනවා.
යට ඇඳුම්

ඉතා තදට යට ඇඳුම් ඇඳ දිනකදී බොහෝ වේලාවක් සිටීම ශුක්‍රාණු නිපදවීමට බාධා ඇති කරන බව‍ හෙළිවී තිබෙනවා.
වෙනත් රෝග තත්වයන්

වෘෂණ කෝෂවල දිය පිරීම, වෘෂණ කෝෂ බරවා රෝගයට ගොදුරුවීම, කෝෂවල නහර ගැටගැසීම, හර්නියා වැනි තත්ත්වයන් ද පුරුෂයකුගේ වෘෂණ තුළ ශුක්‍රාණු නිපදවීමට බලපෑම් ඇති කරනවා.

විවිධ ආසාදන තත්ත්වයන් වෘෂණ කෝෂවලට බලපෑම ශුක්‍රාණු නිපදවීම අඩාළ කිරීමට හේතුවක්. බොහෝ දෙනෙක් දන්නා පරිදි කම්මුල් ගායට හේතු වන වෛරසය වෘෂණ කෝෂ වලට බලපෑම් ඇති කළහොත් එමඟින් වෘෂණ තුළ ශුක්‍රාණු නිපදවීම හීන වෙනවා.
පුරස්ථි ග්‍රන්ථිවල ආසාදන තත්වයන්

පුරස්ථි ග්‍රන්ථිවල ඇතිවන ආසාදන වෘෂණ කෝෂ ආශ්‍රිතව සෑදෙන ක්ෂය ‍රෝගය මෙන් ම ක්ලැමීගියා වැනි විෂබීජ නිසාත්, පුරුෂයින්ගේ වෘෂණ තුළ ශුක්‍රාණු නිපදවීම පහත වැටෙනවා.
බෝ නොවන රෝග හා ශාරීරික තත්වයන්

බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට මන්දපෝෂණය, අධික දුම්පානය, මත්පැන් පානය වැනි නරක පුරුදු මගින් ද වෘෂණවල නිපදවෙන ශුක්‍ර තරලයේ දෝෂ හටගන්නවා. මත්පැන්වල ඇති අහිතකර රසායන වෘෂණ කෝෂවල ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය නිපදවීම අඩුවීමට බලපානවා. හෝමෝන ආශ්‍රිත රෝග තත්ව නිසා ද පුරුෂයින්ගේ ශුක්‍ර තරලය දුර්වල වෙනවා. දියවැඩියාව ඉන් ප්‍රධානයි.

තයිරොයිඩ්, පිටියුටරි, අධිවෘක්ක වැනි හෝමෝන ශ්‍රාවය වන ග්‍රන්ථිවල ඇතිවන දෝෂ නිසා ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම් ශුක්‍ර තරලයේ ගුණාත්මක භාවයට ඍජු ලෙස ම බලපානවා. නිතර එක්ස් කිරණ වැනි විකිරණවලට ගොදුරු වීම, ඊයම් දුම, පිළිකා නාශක ඖෂධ වැනි දේට හසුවීම අධිරුධිර පීඩනය, ඇතැම් මානසික රෝග සහ වලිප්පුව වැනි රෝග වලදී ලබාදෙන ඖෂධ මගින් ද පුරුෂයින්ගේ ශුක්‍ර තරලය දුර්වල වෙනවා.
ප්‍රතිශක්තීකරණය

එමෙන් ම ඇතැම් පුරුෂයින්ට ශරීරයේ ප්‍රතිශක්තියේ ඇතිවන ගැටලුවල දී ශුක්‍රාණුවලට එරෙහිව ශරීරය තුළ ප්‍රතිදේහ ඇතිවීම නිසාත්, ශුක්‍රාණු කැටි ගැසීම අක්‍රියවීමට ඉඩ තිබෙනවා.
ජානමය බලපෑම

ඇතැම් පුද්ගලයින් හට පාරම්පරිකව උරුම වන ඇතැම් ජාන නිසා ද ශුක්‍රාණු නිපදවෙන්නේ නෑ. උදාහරණයක් ලෙස ක්ලයින්ෆෙල්ටර් (Klinefelters) නම් රෝගයේදී පුරුෂයාට එක් ස්ත්‍රී වර්ණ දේහයක් වැඩිපුර පැමිණෙනවා. මෙවැනි අවස්ථාවක පුරුෂයාගේ වෘෂණවලට ශුක්‍රාණු නිපදවීමට නොහැකි වෙනවා.

loveandsex.lk


Ads here
340 x 60
Rs. 4000/-