76 Views  
ස්ත්‍රීන්ට ඇති ප්‍රධානම ලිංගි.ක ගැටළු සහ ඒවාට බලපාන හේතු


ස්ත්‍රීන්ට ඇති වන ලිංගික ගැටළු අතර ලිංගික ක්‍රියාවලිය අප්‍රිය වීම, එමගින් කිසිදු උද්දීපනයක් සිදු නොවීම, සුරතාන්තය කරා ලඟා නොවීම සහ ලිංගික ක්‍රියාවලිය ඉතා වේදනාකාරි වීම මුල් තැනක් ගන්නවා. ලෝකයේ ස්ත්‍රීන් විශාල ප්‍රතිශතයකට ලිංගික ගැටළු මතුවන නමුත්, ඒ ගැන විවෘතව සාකච්ඡා කිරීමට ඇති බිය සහ ලැජ්ජාව නිසා බොහෝ දෙනෙක් නිශ්ශබ්දව එත සිතින් දුක් විඳිමිනුයි සිටින්නේ. සමහර ස්ත්‍රීන් සත්‍ය තත්වය සඟවා වෙනත් රෝග ලක්ෂණ වෛද්‍යවරයාට පවසන බවයි බොහෝ විට දක්නට ලැබෙන්නේ.

මෙලෙස යම් ලිංගික ගැටළුවක් පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු සමග හෝ මානසික වෛද්‍යවරයකු සමග ඒ පිළිබදව සාකච්ඡා කිරීම වැදගත්. ඒ ආකාරයට යුවල ප්‍රතිකාර, ලිංගික ක්‍රියාවලිය පිළිබද දැනුවත් කිරීම, උපදේශනය හා සහයෝගය ලබා දීම සිදු වනවා.


    ලිංගික ක්‍රියාවන් සඳහා ආශාවක් නැතිවීමට බලපාන හේතු


ලිංගික ක්‍රියාවලියට ආශාවක් නැති වීම නොයෙක් හේතු නිසා ඇති වෙන්න පුළුවන්. උදාහරණ ලෙස  මානසික ආතතිය, විශාදය, ශාරීරික තෙහෙට්ටුව, ගර්භනීභාවය හෝ ආර්තවහරණය (රුධිරයේ හෝමෝන මට්ටම වෙනස් වීම නිසා) කලින් ඇති වූ අහිතකර ලිංගික අත්දැකීම් සහ අනයෝන්‍ය බැදීම් නිසා ඇති වූ ගැටළුත් මෙයට බලපානවා. මෙලෙස ලිංගික ක්‍රියාවලියට ඇති බලවත් අකමැත්ත හේතුවෙන් ලිංගික සහකරු ඇයව අනවශ්‍ය සැක කිරීම, පීඩාවට පත් කිරීම මෙන්ම ඔවුන් දෙදෙනා අතර වෙනත් ආකාරයේ ප්‍රශ්න ද පැන නැගිය හැකියි.

ස්ත්‍රීයක් සූරාන්තයට නොපැමිණීම එම ස්ත්‍රීයට මෙන්ම ඇගේ ස්වාමියාට ද ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්.  ඒ ඇයට සතුටක් ලබා දීමට නොහැකි වීම පිළිබද ඔවුට ඇතිවෙන මානසික පීඩාවයි. නමුත් සෑම ස්ත්‍රීයක්ම ලිංගික ආශ්වාදය ලැබීම සදහා සුරතාන්තයට යාම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. මේ තත්වය තේරුම්ගත් විට එමගින් මානසික ගැටළු ඇති වීම අවම එනවා.නමුත් පෙර සූදානම් ක්‍රියා එනම්, ස්පර්ශ කිරීම, වැළද ගැනීම, සහ හාදු දීම තුළින් තම බිරිද සතුටු කර ඉන්පසු ලිංගික සංසර්ගයේ යෙදීම පිරිමියා සතු යුතුකමක්.


    ලිංගික සංසර්ගයේ දී ඇති වන වේදනාව


මෙහිදී, යෝනි මාර්ගය අවට පේශීන් තද වීම නිසා ලිංගික සංසර්ගයේදී ස්ත්‍රීයට තද වේදනාවක් ඇතිවනවා. යෝනි මාර්ගය තුළට ඇගිල්ලක් පවා ඇතුල් කල නොහැකි තත්වයක් හටගන්නවා. මෙය එම යුවලට ඉතා අසහනකාරී අත්දැකීමක් වන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

මෙයටත් කලින් කීවා සේ විවිධ මානසික හේතු, ලිංගික ක්‍රියාවලියට ඇති බය, බැදීම් පිළිබද ගැටළු, ගැබ්ගනී යන බිය හෝ යෝනි මාර්ගයේ ආසාදන හේතු ලෙස දක්වන්නට පුළුවන්.

මෙම ගැටළුව උපදේශනය, ලිංගිකත්වය පිළිබද දැනුවත් කිරීම සහ මස් පිඩු ඉහිල් කිරීමේ ව්‍යායාම තුළින් විසදිය හැකියි. සමහර විට විවිධ ඖෂධ යොදා ගැනීම තුළ බිය / චකිතය නැති කිරීම සිදු වනවා.

ලිංගික සංසර්ගයේදී ඇති වන වේදනාව, ආර්ථවහරණයෙන් ඊස්ට්‍රජන් හෝමෝනය  අඩු වීම නිසාත් මතු වන්න පුළුවන්. මෙහිදී, යෝනි මාර්ගය අධික වියළි බවක් ගන්නවා.  මෙවන් අවස්ථා වල යොදාගත හැකි ලිහිසි ජෙලි වර්ග වෙළදපොලෙන් පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.  එවන් දෑ යෝනි මාර්ගයේ, ශිෂ්නයේ  ආලේප කිරීම තුළින් මෙම අපහසුව මග හරවා ගන්නට පුළුවන්.

infosrilankanews.com