72 Views  
ඔබ පරිස්සමින්.ලිංගික ඇසුරක් මඟින් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට රෝග  ආසාදනයවේ


(ආසාදිත කෙනෙකු සමඟ යෝනි, ගුද හෝ මුඛ ලිංගික සම්බන්ධතා මඟින් මෙම රෝග බෝවිය හැක.)

මෙම රෝග වලින් ඇති බලපෑම

නිසි ප‍්‍රතිකාර නොගත් විට මෙම රෝග නිසා සංකූලතා ඇතිවිය හැක.

ස්තී‍්‍ර/පුරුෂ වඳභාවය (සුදු බිංදුම, ක්ලැමිඩියාව)

හෘදය වස්තුව හා මොළය හා ස්නායු පද්ධතියට බලපෑම (උපදංශය)

ඇතැම් රෝග වල රෝග ලක්ෂණ නැවත මතුවීම (හර්පීස් වෛරසය ආසාදනය)

ඇතැම් රෝග බීජ ගර්භනී කාලයේදී මවගෙන් ළදරුවාට පැතීරීම(උපදංශය, ඒඞ්ස්)

සමහර රෝග බීජ ප‍්‍රසූතියේදී මවගෙන් ළදරුවාට පැතීරීම. (සුදු බිංදුම. ඒඞ්ස්, ක්ලැමිඩියා ආසාදනය)

මෙම රෝග බෝවීමේ අවදානමක් ඇති කරන ලිංගික චර්යාවන්

කීපදෙනෙකු සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම.
නිතරම තම ලිංගික සහකරු හෝ සහකාරිය මාරු කිරීම.
නන්නාදුනන අය සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම.
බීමත්ව සිටියදී ලිංගික සම්බන්ධතා වල යෙදීම.
වාණිජ ලිංගික සේවයේ යෙදීම.
වාණිජ ලිංගික සේවයේ යෙදෙන්නන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම.

රෝග ලක්ෂණ

ලිංගික අවයව වල ඇති වන තුවාල (උපදංශය, හර්පීස්)
මූත‍්‍රා දැවිල්ල (සුදු බිංදුව, ක්ලැමීඩියා ආසාදනය)
පිරිමි මූත‍්‍රා මාර්ගයෙන් සැරව සුදු දියරමය ස‍්‍රාවයන් පිටවීම (සුදු බිංදුම, ක්ලැමීඩියා ආසාදනය)
යෝනි මාර්ගයෙන් අධික ලෙස ස‍්‍රාවයක් පිටවීම (සුදු බිංදුම, ක්ලැමීඩියා ආසාදනය, කැබ්ඞ්ඩා ආසාදනය)
ලිංගික ප‍්‍රදේශවල ඇතිවන දිය බිබිලි (හර්පීස් ආසාදනය)
ලිංගික ඉන්නන්
කන්තාවන්ගේ යටි බඩ ප‍්‍රදේශයේ ඇතිවන කැක්කුම (සුදු බිංදුම, ක්ලැමීඩියා ආසාදනය)

රෝග ලක්ෂණ ඇති වන විට පිළිපැදිය යුතු ක‍්‍රියාමාර්ග

හැකි ඉක්මනින් ළඟම ඇති ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝග සායනයෙන් හෝ සමීප රෝහලේ වෛද්‍යවරයෙකුගෙන් නිසි ප‍්‍රතිකාර ගැනීම.
පිටතට රෝග ලක්ෂණ නොපෙන්වුවත් වෛද්‍යවරයා නියම කල ආකාරයට නියමිත දින ගණන තුළ ප‍්‍රතිකාර ගැනීම.
පසු විපරම සඳහා නියම කළ දිනට නැවත සායනයට ගොස් අවශ්‍ය පරීක්ෂණ වලට භාජනය වී තමාට රෝගය සුව බව තහවුරු කරගැනීම.
ලිංගික සහකරු/සහකාරිය සායනයට යොමු කිරීමට අවශ්‍ය වූ විට එසේ යොමු කිරීම ඉතා වැදගත් වේ.
නිසි ප‍්‍රතිකාර ගැනීමෙන් මෙම රෝග සාර්ථකව සුව කරගත හැක. (උදා•-සුදු බිංදුව, උපදංශය, ක්ලැමීඩියා ආසාදනය)

රුධිර පරීක්ෂාවක් මඟින් සියලූම ලිංගිකව සම්පේ‍්‍රණෂණය වන රෝග හදුනාගත නොහැක. විවිධ රෝග හදුනාගැනීම සඳහා විවිධ සාම්පල පරීක්ෂා කළ යුතුවේ.

වැළකි සීටීම
සමාජ රෝග වලන් වැලකී සිටීම ඉතාම පහසුවේ.
ඒ සඳහා

විවාහය තෙක් ලිංගික සම්බන්ධතා පමා කිරීම.
විවාහ වී සිටින දෙදෙනා අතර පමණක් ලිංගික සම්බන්දතා පැවැත්වීම.
හදිසියේ මුණ ගැසෙන හෝ නන්නාදුනන අය සමඟ හෝ කීප දෙනෙකු සමඟ ලිංගික ඇසුරෙන් වැලකී සිටීම.
එවැනි ලිංගික සම්බන්ධතා වළක්වා ගැනීමට නොහැකිම අවස්ථාවලදී සෑමවිටම නිසිලෙස ආරක්ෂිත කොන්ඩමයක් පැළඳීම.

ලිංගිකව සම්පේ‍්‍රෂණය වන අනෙකුත් රෝග ඇති අයට ්‍යෂඪ ආසාදනය වීමේ අවදනාම වැඩිය.

ලිංගාශ‍්‍රීත රෝග
සායනයන් පැවැත්වෙන ස්ථාන

මධ්‍යම සායනය •- ද සේරම් පෙදෙස, කොළඹ 10

පහත දැක්වෙන ප‍්‍රදේශ වල ඇති මහ රෝහල් හා මූලික රෝහල් අනුබද්ධව අනිකුත් සායන ඇත.

රාගම
කරාපිටිය
මහනුවර
අම්පාර
හම්බන්තොට
මොණරාගල
මඩකලපුව
පොළොන්නරුව
ත‍්‍රිකුණාමලය
කළුබෝවිල
කුරුණෑගල
අනුරාධපුර
කළුතර
පානදුර
මහියංගනය
මීගමුව
හලාවත
වවුනියාව
මාතර
කෑගල්ල
යාපනය
නුවරඑළිය
මාතලේ
බලපිටිය
රත්නපුර
බදුල්ල

wishmaya.lk